පළවෙනි පාඩම
ඕන්න මං පොරොන්දු උනා වගේම පළවෙනි පාඩමත් අරගෙන ආවා...
ලොකු වැඩ වලට ඇත ගහන්ට කලින් සරල swing application එකක් හදමු.
මෙන්න මෙහෙමයි විස්තරේ
මේකෙදි අපි user ගෙන් input එකක් අරන් ඒක Message Box
එකක display කරමු.
1.පළමුව NetBeans ඕපන් කර ගන්න. එවිට පහත ආකාරයට දැක ගත
හැක.
2. දැන් අපි බලමු කොහොමද අලුතෙන් project එකක් නිර්මාණය
කරගන්නේ කියල
Fileà New Project àJava සහ Java Application තෝරා Next Click කරන්න
3. දැන් Project එකට නමක් දීල Finish (ex: ExampleOne) කරන්න
4.දැන් ඔයාලට ඔයාල ලබා
දුන් නමින් project එකක් නිර්මාණය වෙලා තියනවා දකින්න පුළුවන්
5.දැන් අපි අපට ඕන වැඩේ
කරන්න පටන්ගමු
exampleone Package එක මත Right click à New à JFrame Form තොරා ගන්න.
ඉන්පසු Jframe එකට නමක්
ලබා දෙන්න.
එවිට පහත පරිදි ලබාදීපු (ex: app1) නමින් JFrame එකක් නිර්මාණය වේ.
එහි දකුණු ඇත පැත්තේ
Pallet ,tool
box එක දැක ගන්න පුළුවන්.
මෙහි Swing Application සදහා බහුලව බවිත වෙන component දැක ගත හැක.
6. Pallet එකේ තියන tools යොදාගෙන පහත පරිදි frame එක හදා ගන්ට.
7. දැන් අපි Display button
එකට code එක ලියමු.
Button එක උඩ Right click කර à Event à Action à Action
performed වෙත යන්න. එවිට button
අකට අදාල code එක ලිවිය යුතු තැන Mouse Curser එක දැක ගත හැකිය. එහි පහත පරිදි code එක සකසා ගන්න.
8. දැන් app1.java file එක මත Right Click à Run File විදානය ලබා දෙන්න. එවිට හදා ගත්ත application එක run
වේ.
දැන් Name එකක් ලබාදී Display Button එක Click කරන්න. එවිට පහත පරිදි Message Box දැක ගත හැකිය.
ඉතින් ඔයාලත් කරලා බලන්න, ප්‍රශ්නයක් ආවොත් මට කියන්නකෝ....
එහෙනම් ඊලග පාඩමෙන් හම්බෙමු....
good job machan kalu.ol da bst ...
ReplyDeletethnx Rizlam..
ReplyDeletegr8 :) දිගටම ලියහං මචෝ (y)
ReplyDelete