තුන්වන පාඩම - Calculator එකක් නිර්මාණය කිරීම
1. පළමුව
CalculatorWithSwing නමින් අලුත් Project එකක් නිර්මාණය කර ගන්න .
2. දැන් Project එක මත Right click කර
New àJFrame Form තොරා MyCalculator නමින් JFrame එකක් Add කරා
ගන්න.
3. දැන් පහත ආකාරයට JFrame එක Design කර ගන්න.(මේ සදහා Palette එකෙහි Text Field, Button යොදාගත හැකිය )
- පලමුව JFrame එක මත Right click à Properties වෙත ගොස් title යන තැනට Calculator යන නම ලබා දෙන්න.
- දැන් Text Field එකක් Drag & Drop කරන්න.
මෙහිදී විශේෂයෙන් සදහන්
කලයුතු දෙයක් වන්නේ සාමාන්‍යයෙන් Software එකක් නිර්මාණය කිරීමේදී NetBeans මගින්
ලබා දෙන Variable name වෙනුවට පහසුවෙන්
හදුනාගත හැකි ආකාරයට නම් කර ගනු ලබනවා.
උදාහරණය : සාමාන්‍යයෙන් Text Field add කර ගත් විට Text Field1 , Text Field 2 ...... ලෙස NetBeans මගින් නම් කරා ගනු ලබනවා . Text Field ගණනාවකින් යුත් Software code කිරීමේදී ඒවා වෙන්කර
හදුනා ගැනීමට අපහසුය. එම නිසා සම්මතයක් ලෙස පහත පරිදි නම් කරා ගැනීම සිදු කරනවා.
Text Field නම් කිරීමේදී txtසමග අපට අවශ්‍ය නම.
Button නම් කිරීමේදී btnසමග
අපට අවශ්‍ය නම.
උදාහරණයක් ලෙස අපි බලමු Text Field එක Rename කරා ගන්න විදිහ.
Text Field එක මත Right click à Change Variable Name
යන්න.එවිට පහත පරිදි දැක ගත හැක.
New Name යන තැනට txtDisplay යන නම ලබා දී ok click
කරන්න.
- දන් අපි බලමු button නිර්මාණය කර ගන්න විදිහ. මේ සදහා Palette එකෙහි Button යොදාගත හැකිය. මෙහිදී button frame එක මතට Drag & Drop කිරීම වෙනුවට Panel එකක් මතට දමා ගැනීම සිදු කරනවා .මෙමගින් අපට Buttons ටික එක ඒකකයක් විදිහට අවශ්‍ය තැනකට පහසුවෙන්ම දමා ගැනීමට හැකියාව ලැබේ.
මෙය පහත පරිදි කළ හැකිය
Palette එකෙන් panelඑකක් Drag & Drop කරා ගන්න.
දැන් අවශ්‍ය පරිදි
Button යොදාගෙන Calculator එක Design කරා
ගන්න.
මෙහිදී Button ඉහත පරිදි
නම් කරා ගැනීමට අමතක කරන්ට එපා..(උදා : btnOne, btnPlus,btnEqual…. )
- ඊලග පාඩමෙන් Calculator එක සදහා අවශ්‍ය code එක සැකසා ගමු.
No comments:
Post a Comment