Saturday, October 5, 2013

හතරවන පාඩම : Calculator  II

අපි දැන් බලමු Calculator එක සදහා code එක සැකස ගන්නා ආකාරය .
  •          Button සදහා code එක සැකස ගනිමු                                                                  මේ සදහා අවශ්‍ය  button එක මත Right click àEvent à Action Performed  යන්න. button සදහා පහත පරිදි code ටික වෙන වෙනම සැකස ගන්න

  •          Button One

           private void btnOneActionPerformed(java.awt.event.ActionEvent evt) {
                   String btnOneText = btnOne.getText();
                    txtDisplay.setText(btnOneText);
             }
මේ ආකාරයට code එක ලබා දී run කරලා බලන්න.දැන් එක click කරන්න. පහත පරිදි දැක ගත හැක.

දැන් නැවතත් දැන් එක click කරන්න. එවිට 11 වෙනුවට 1 පමණක් දක්නට ලැබේ. මෙය වලක්වා ගැනීමට display එකෙහි ඇති value එකේ අගට අලුත් value එක add කර ගත යුතුය. ඒ සදහා පහත පරිදි code අක වෙනස් කර ගන්න.

  •        Button Two

                private void btnTwoActionPerformed(java.awt.event.ActionEvent evt) {
                      String btnTwoText = txtDisplay.getText() + btnTwo.getText();
                      txtDisplay.setText(btnTwoText);
                }

  •       Button Three

               private void btnThreeActionPerformed(java.awt.event.ActionEvent evt) {
                     String btnThreeText = txtDisplay.getText() + btnThree.getText();
                     txtDisplay.setText(btnThreeText);
               }

  •       Button Four

            private void btnFourActionPerformed(java.awt.event.ActionEvent evt) {
                     String btnFourText = txtDisplay.getText() + btnFour.getText();
                     txtDisplay.setText(btnFourText);
              }

  •       Button Five

             private void btnFiveActionPerformed(java.awt.event.ActionEvent evt) {
                      String btnFiveText = txtDisplay.getText() + btnFive.getText();
                      txtDisplay.setText(btnFiveText);
                }

  •               Button Six

                private void btnSixActionPerformed(java.awt.event.ActionEvent evt) {
                      String btnSixText = txtDisplay.getText() + btnSix.getText();
                      txtDisplay.setText(btnSixText);
                }
  •        Button Seven

               private void btnSevenActionPerformed(java.awt.event.ActionEvent evt) {
                     String btnSevenText = txtDisplay.getText() + btnSeven.getText();
                     txtDisplay.setText(btnSevenText);
               }

  •       Button Eight

               private void btnEightActionPerformed(java.awt.event.ActionEvent evt) {
                     String btnEightText =txtDisplay.getText() + btnEight.getText();
                     txtDisplay.setText(btnEightText);
               }

  •       Button Nine

               private void btnNineActionPerformed(java.awt.event.ActionEvent evt) {
                     String btnNineText = txtDisplay.getText() + btnNine.getText();
                     txtDisplay.setText(btnNineText);
               }

  •        Button Zero

              private void btnZeroActionPerformed(java.awt.event.ActionEvent evt) {
                    String btnZeroText = txtDisplay.getText() + btnZero.getText();
                     txtDisplay.setText(btnZeroText);
              }



  •        අපි දැන් බලමු Plus button එකට code එක සකස් කරා ගන්න ආකාරය.

         මෙහිදී පළමුව program එකේ ඉහල පහත පරිදි variable අකක් නිර්මාණය කරා ගන්න.

           public class MyCalculator extends javax.swing.JFrame {
                   private double plus= 0.0;
   
                   public MyCalculator() {

සාමාන්‍යයෙන් TextField එකකින් ලැබෙන්නේ String Value එකකි. ඒ නිසා එය Double value එකක් බවට පහත පරිදි පරිවර්තනය  කර ගත හැක .

Double.parseDouble(txtDisplay.getText())

Plus button එක මත Right click àEvent à Action Performed  හි පහත පරිදි සකසා  ගන්න

            private void btnPlusActionPerformed(java.awt.event.ActionEvent evt) {                                       
                     plus =plus + Double.parseDouble(txtDisplay.getText());
                     txtDisplay.setText("");
               }  

  •      පහත පරිදි  Equal button එකට code එක සකස් කර ගන්න .

           private void btnEqual1ActionPerformed(java.awt.event.ActionEvent evt) {
                    equal = plus + Double.parseDouble( txtDisplay.getText( ) ) ;
                    txtDisplay.setText( Double.toString(equal) );
                    equal = 0;
             }

මෙහි Double.toString(equal) මගින් Double value එක String value එකක් බවට පරිවර්තනය කර ඇත.

  •     පහත පරිදි  Clear button එකට code එක සකස් කර ගන්න .

             private void btnEqualActionPerformed(java.awt.event.ActionEvent evt) {
                       equal =0;
                       txtDisplay.setText("");
                 }

·        දැනට මෙටික කරලා බලන්නකෝ ....ඉතිරි ටිකක් අරන් මන් ඉක්මනටම එන්නම්........






Friday, October 4, 2013

තුන්වන පාඩම - Calculator එකක් නිර්මාණය කිරීම



  1.   පළමුව CalculatorWithSwing නමින් අලුත් Project එකක් නිර්මාණය කර ගන්න .

  2.   දැන් Project එක මත Right click කර
      New àJFrame Form  තොරා MyCalculator නමින් JFrame එකක් Add කරා ගන්න.

  3.    දැන්  පහත ආකාරයට JFrame එක Design කර ගන්න.(මේ සදහා Palette  එකෙහි  Text Field, Button         යොදාගත හැකිය  )

    
  • පලමුව JFrame එක මත Right click à Properties  වෙත ගොස් title යන තැනට Calculator  යන නම ලබා දෙන්න.
  •  දැන් Text Field එකක් Drag & Drop කරන්න.


මෙහිදී විශේෂයෙන් සදහන් කලයුතු දෙයක් වන්නේ සාමාන්‍යයෙන් Software එකක් නිර්මාණය කිරීමේදී NetBeans මගින් ලබා දෙන Variable  name වෙනුවට පහසුවෙන් හදුනාගත හැකි ආකාරයට නම් කර ගනු ලබනවා.

උදාහරණය : සාමාන්‍යයෙන් Text Field add කර ගත් විට Text Field1 , Text Field 2 ...... ලෙස NetBeans මගින් නම් කරා ගනු ලබනවා . Text Field ගණනාවකින් යුත් Software code කිරීමේදී ඒවා වෙන්කර හදුනා ගැනීමට අපහසුය. එම නිසා සම්මතයක් ලෙස පහත පරිදි නම් කරා ගැනීම සිදු කරනවා.

Text Field නම් කිරීමේදී txtසමග අපට අවශ්‍ය නම.
Button නම් කිරීමේදී btnසමග අපට අවශ්‍ය නම.

උදාහරණයක් ලෙස අපි බලමු Text Field එක Rename කරා ගන්න විදිහ.

Text Field එක මත Right click à Change Variable Name යන්න.එවිට පහත පරිදි දැක ගත හැක.

New Name යන තැනට txtDisplay යන නම ලබා දී ok click කරන්න.



  •  දන් අපි බලමු button නිර්මාණය කර ගන්න විදිහ. මේ සදහා Palette  එකෙහි Button යොදාගත හැකිය. මෙහිදී button frame එක මතට  Drag & Drop කිරීම වෙනුවට Panel එකක් මතට දමා ගැනීම සිදු කරනවා .මෙමගින් අපට Buttons ටික එක ඒකකයක් විදිහට අවශ්‍ය තැනකට පහසුවෙන්ම දමා ගැනීමට හැකියාව ලැබේ.


මෙය පහත පරිදි කළ හැකිය
Palette  එකෙන්  panelඑකක්  Drag & Drop කරා ගන්න.



දැන් අවශ්‍ය පරිදි Button යොදාගෙන Calculator  එක Design කරා ගන්න.
මෙහිදී Button ඉහත පරිදි නම් කරා ගැනීමට අමතක කරන්ට එපා..(උදා : btnOne, btnPlus,btnEqual…. )

  •        ඊලග පාඩමෙන් Calculator  එක සදහා අවශ්‍ය code එක සැකසා ගමු.

Sunday, September 15, 2013

දෙවෙනි පාඩම


අද අපි බලමු එකතුකිරිම ,අඩුකිරීම වගේ ගණිතමය සංකල්ප Swing වල බවිත කරන ආකාරය.


පහත ආකාරයට JFrame  එක Design කර ගන්න.(මේ සදහා Palette  එකෙහි Lable, Text Field, Button යොදාගත හැකිය  ) 


අපි දැන් Button සදහා පහත ආකාරයට Code එක සැකස ගන්න.

එකතු කිරීමේ Button එක සදහා



අඩු කිරීමේ Button එක සදහා  


වැඩි කිරීමේ Button එක සදහා


බෙදීමේ Button එක සදහා




එහෙනම් code ටික මේ විදිහට හදාගෙන project එක run කරලා බලන්න
ඊලග පාඩමෙන් හම්බෙමු .....




Wednesday, September 11, 2013

පළවෙනි පාඩම

ඕන්න මං පොරොන්දු උනා වගේම පළවෙනි පාඩමත් අරගෙන ආවා...
ලොකු වැඩ වලට ඇත ගහන්ට කලින් සරල swing application එකක් හදමු.

මෙන්න මෙහෙමයි විස්තරේ
මේකෙදි අපි user ගෙන් input එකක් අරන් ඒක Message Box එකක display කරමු.

1.පළමුව NetBeans ඕපන් කර ගන්න. එවිට පහත ආකාරයට දැක ගත හැක.


2. දැන් අපි බලමු කොහොමද අලුතෙන් project එකක් නිර්මාණය කරගන්නේ කියල

Fileà New Project àJava සහ Java Application තෝරා Next Click කරන්න


3. දැන් Project එකට නමක් දීල Finish (ex: ExampleOne) කරන්න


4.දැන් ඔයාලට ඔයාල ලබා දුන් නමින් project එකක් නිර්මාණය වෙලා තියනවා දකින්න පුළුවන්



5.දැන් අපි අපට ඕන වැඩේ කරන්න පටන්ගමු
exampleone   Package එක මත  Right click   à New à JFrame Form  තොරා ගන්න.
ඉන්පසු Jframe එකට නමක් ලබා දෙන්න.



එවිට පහත පරිදි ලබාදීපු (ex: app1) නමින්  JFrame එකක් නිර්මාණය වේ.
එහි දකුණු ඇත පැත්තේ Pallet  ,tool box එක දැක ගන්න පුළුවන්. මෙහි Swing Application සදහා බහුලව බවිත වෙන component දැක ගත හැක. 



6. Pallet එකේ තියන tools යොදාගෙන පහත පරිදි frame එක හදා ගන්ට.


7. දැන් අපි Display button එකට code එක ලියමු.

  Button එක උඩ Right click කර à Event à Action à  Action performed වෙත යන්න. එවිට button අකට අදාල code එක ලිවිය යුතු තැන Mouse Curser එක දැක ගත  හැකිය. එහි පහත පරිදි code එක සකසා ගන්න.




8. දැන් app1.java file  එක මත Right Click à Run File විදානය ලබා දෙන්න. එවිට හදා ගත්ත application එක run වේ.


දැන් Name එකක් ලබාදී Display Button එක Click කරන්න. එවිට පහත පරිදි Message Box  දැක ගත හැකිය.



ඉතින් ඔයාලත් කරලා බලන්න, ප්‍රශ්නයක් ආවොත් මට කියන්නකෝ....
එහෙනම් ඊලග පාඩමෙන් හම්බෙමු....